Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
27
කරීනා කපූර් නැවතත් රංගනයට

කරීනා කපූර් නැවතත් රංගනයට /shaagossip - කරීනා කපූර් නැවතත් රංගනයටShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,489 Views
කරීනා මේ වන විට සූදානම් වන්නේ අප්‍රේල් මාසයේදී රූගත කිරිම්වලට මුල පුරන ‘වීර්රේ ඩී වෙඩින්’ නම්වූ නවතම බොලිවුඩ් චිත්‍රපටයේ රඟපෑමටයි.




කුළුඳුල් දරුවා ලැබීමෙන් පසුව කරීනා කපූර් අවුරුදු කිහිපයක් නිහඬව සිටිනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළා.
නමුත්, ප්‍රීති විරාජ් කපූර් ගෙන් ඇරැඹුණු සිනමා පරපුර තුළින් කිසිදු විටෙක රංගනය ඈත් නොවන බව සනාථ කරමින්
කරීනා යළි බොලිවුඩ්පුරයට එක්වීමටයි ලකලැහැස්ති වන්නේ.

කරීනා මවු පදවිය ලැබුවේ පසුගිය දෙසැම්බර් මාසයේදීයි. ඇයට ඒ උතුම් ‘තනතුර’ ලබා දෙමින් මෙලොව එළිය දුටු පුතා, තයිමූර් අලි ඛාන්.
මේ සුරතල් දරුවා උපන් පසුව කරීනා විතරක් නොවෙයි, සායිෆ් අලි ඛාන් ද මාස කිහිපයක නිවාඩුවක් ගත්තා.
සායිෆ් තම පුතුගේත් බිරියගේත් දුක සැප නිරතුරුවම සොයා බැලුවා.

කරීනා මේ වන විට සූදානම් වන්නේ අප්‍රේල් මාසයේදී රූගත කිරිම්වලට මුල පුරන ‘වීර් ඩි වෙඩින්’ නම්වූ නවතම බොලිවුඩ් චිත්‍රපටයේ රඟපෑමටයි.
කරීනා පවසන්නේ මවක ලෙස බිලිඳු පුතුගේ වැඩ කටයුතු සිදු කරන අතරතුරදී චිත්‍රපටවල රඟපෑම අපහසු කරුණක් නොවන බවයි.
නිවසේ සහ සිනමා ලෝකයේ කටයුතු සමබරව පවත්වාගත හැකි බවත් ඇය පවසනවා.

“කවදත් මම විවාහ ජීවිතයයි වෘත්තීය ජීවිතයයි සමබරව පවත්වා ගත්තා. හුඟ දෙනෙක් හිතුවෙ මට එහෙම කරන්න බැරි වේවි කියලයි.
නමුත්, මම එහෙම කළා. ඉදිරියටත් ඒ විදිහට තමයි මම වැඩ කරන්නෙ. කාන්තාවකට පවුල් ජීවිතයක් තිබෙනවානම්, දරුවෙක් ඉන්නවානම්,
 ඒකෙන් කියන්නෙ නැහැ, එයා ගෙදරටම බැඳිලා ඉන්න ඕනෙ කියලා. ඇත්තෙන්ම, ඒ දෙපැත්තටම වෙලාවක් තියෙනවා” කරීනා සැහැල්ලුවෙන් පවසනවා. ඇය, කුළුඳුල් දරුවා ලැබෙන්නට සිටියදීත් මෝස්තර නිරූපණ අවස්ථාවලටත් එක්ව සිටි බව රහසක් නොවෙයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top