Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
20
සුපිරි තරු යුවළකගේ බිරින්දෑවරුන් කෙහෙවලු පටලවා ගනී.

සුපිරි තරු යුවළකගේ බිරින්දෑවරුන් කෙහෙවලු පටලවා ගනී. /shaagossip - සුපිරි තරු යුවළකගේ බිරින්දෑවරුන් කෙහෙවලු පටලවා ගනී.Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,968 Views


රිතීක් රෝෂන්ගේ ගේ බිරිද සහ අර්ජුන් රම්පාල් ගේ බිරිද සාදයකදී රණ්ඩු වී ඇති බව බොලිවුඩයෙන් වාර්තා වෙනවා.

සුසෑන් ඛාන් සහ මෙයර් ජෙසියා කියන්නේ බොලිවුඩයේ ජනප්‍රිය නළුවන් දෙදෙනකුගේ බිරින්දෑවරුන්.
සුසෑන්, ජනප්‍රිය නළු රිතික් රෝෂන්ගේ බිරිය ව සිටියත් දැන් ඒ දෙදෙනා වෙන් වෙලා. මෙයර් ජෙසියා, ජනප්‍රිය නළු අර්ජුන් රම්පාල්ගේ බිරියයි.

සුසෑන් කියන්නේ අර්ජුන් සහ මෙයර්ගේ සමීප හිතවතියක්. රිතික් රෝෂන්, සුසෑන්ගෙන් වෙන්වීමට හේතු වුණේ අර්ජුන් කියලා පසුගිය කාලයේ ආරංචි පැතිරී ගියා. මාස කිහිපයක් ගතවෙද්දී ඒ උණසුම යටපත් වී ගියත් පසුගියදා සිදු වූ අප්‍රසන්න සිද්ධියක් නිසා නැවතත් එය ඇවිළෙන ස්වරූපයක් දකින්න ලැබෙනවා.

සුසෑන් සහ මෙයර් දෙදෙනා පසුගියදා පැවැති සාදයකට සහභාගි වුණා. මෙය පැවැත්වුණේ ආදිත්‍ය ගවේරේ සහ රේණු චයිනානි යන දෙපළ යුගදිවියට එළඹීම නිමිත්තෙන්. මේ දෙදෙනාගේ සමීප හිතවතකු වන ෆර්ඩීන් ඛාන් විසින් සංවිධානය කරන ලද මෙම සාදයට සොනාක්ෂි සිංහ, සොහේල් ඛාන්, චන්කි පාන්ඩේ සහ සායෙඩ් ඛාන් යන නළු නිළි පිරිස ද පැමිණ සිටියා. සන්ධ්‍යාවෙහි සිට මැදියම් රැයත් පසුවී පැවැත්වුණු මේ සාදයේදී සුසෑන් සහ මෙයර් එක ළඟ වාඩිවී සතුටු සාමියෙහි යෙදී සිටියා. නමුත්, කුමක් හෝ කරුණකට දෙදෙනා අතර කතා බහ දුර දිග ගිහින් ඇති  බවට තමයි ඉන්දීය මාධ්‍යවල සටහන් වී තිබුණේ. සමහරු පවසන්නේ එවැන්නක් සිදු නොවූ බවයි. කෙසේ වෙතත් වෙනත් ආරංචි පවසන්නේ අර්ජුන් නිසා හටගත් ආරවුලක් දුරදිග ගොස් මෙයර් සහ සුසෑන් කෙහෙවලු පටලවා ගත්තා ය කියලයි. නමුත් මේ පිලිබදව මේ සිද්ධියට සම්බන්ද කිසිම පුද්ගලයෙක් මාධ්‍යට කිසිවක් ප්‍රකාශ කරලා නෑ කියලා තමයි වැඩි දුරටත් ඉන්දීය ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

SaveSaveSave
Make a Comment
Make a Comment



Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top