Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
12
තයිමූර් පුතු නැතුව කරීනා සහ සයිෆ් ලන්ඩන් නුවරට

තයිමූර් පුතු නැතුව කරීනා සහ සයිෆ් ලන්ඩන් නුවරට /shaagossip - තයිමූර් පුතු නැතුව කරීනා සහ සයිෆ් ලන්ඩන් නුවරටShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

8,470 Views
මුම්බායි ගුවන් තොටුපළින් මවු රටට පැමිණ, කඩිමුඩියේ පිය මැන යන සුපුරුදු යුවළක් දෙස එහි සිටි බොහෝ දෙනකුගේ නෙත් යොමු වුණා.

අද වන විට ජනප්‍රියත්වයේ ඉහළටම පැමිණ සිටින, ඒ හේතුවෙන්ම බොලිවුඩ් සිනමාවේ බලගතු යුවළ හැටියට සැලකෙන සායිෆ් අලි ඛාන් සහ කරීනා කපූර් ඛාන් මෙම යුවළයි.

සා‍යිෆ් සහ කරීනා යුවළ පසුගිය සති කිහිපයේ සිටියේ ලන්ඩන් නුවර. මේ දිනවල හැදෙන ‘චෙෆ්’ චිත්‍රපටයේ දර්ශන කිහිපයක රූගත කිරීම්වලටයි සායිෆ් ලන්ඩන් ගියේ. ඔහුගේ තනි නොතනියට බිරිය කරීනා ද පිටත්ව ගොස් තිබුණා. නමුත්, ඔවුන්ගේ කුලුඳුල් දරුවා, තයිමූර් නම් සිටියේ නැහැ. සමහර විට විදේශ ගමන් බිමන්වලට බිලිඳු පුතා දැන්ම රැගෙන යෑම නසුදසු නිසා වෙන්න ඇති. සායිෆ්, චිත්‍රපට රුගත කිරීම්වල යෙදී සිටිද්දී කරීනාට තමන්ගේ වැඩ කටයුතු රැසක්ම කර ගැනීමට ඇති තරම් කාලය තිබුණා. ප්‍රවීණ නළු අනිල් කපූර් ඇතුළු පවුලේ සියලුම දෙනාත් ඒ වන විට ලන්ඩන් නුවර රැඳී සිටියා. ඒ, අනිල් කපූර්ගේ බිරිය සුනීතාගේ උපන් දිනය සමරන්න. දියණියන් වන රියා සහ සෝනම්ගේ උණසුම් පැතුම් මැද්දේ සැමරූ මේ උපන් දින සාදයට කරීනාත් එකතු වුණේ දැඩි සතුටකින්. ඉන් පසුව සන්දීප් ඛෝස්ලා සහ රියා කපූර් යන ප්‍රවීණ මෝස්තර ශිල්පිනියන් දෙදෙනා හමුවී කතාබහ කරන්නත් කරීනා අමතක කළේ නැහැ. ඔවුන් ද ඒ වන විට ලන්ඩන් වෙත පැමිණ සිටියා. සායිෆ් - කරීනා යුවළගේ පුංචි පුතු තයිමූර් ඒ සති දෙක තුනේදී රැක බලාගන්න නම් දෙපාර්ශ්වයේම පිරිවර සිටිය බවයි දැනගන්න ලැබුණේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top