Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
12
අනිල් වෙනුවට අභිෂේක්

අනිල් වෙනුවට අභිෂේක් /shaagossip - අනිල් වෙනුවට අභිෂේක්Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,340 Views














’90 දශකයේ දිගහැරුණු බොලිවුඩ් සිනමාපට වෙනුවෙන් තමන්ගේ අපූර්වතම රංගනයන් මුදාහළ අනිල් කපූර් මේ වන විට තරමක් නිහඬව පසුවෙනවා.


අනිල් කපූර් කියන්නේ ප්‍රවීණ රංගන ශිල්පියෙක්. ඔහුගේ දියණිය සෝනම් කපූර් ද දැන් ඉදිරියට ගමන් කරමින් සිටින ජනප්‍රිය තරුවක්.
කෙසේ වෙතත් වියපත් වීම නිසා ම අනිල් කපූර් රඟපෑමෙන් ඉවත්විය යුතු යැයි ඔහුගේ රසික රසිකාවන් නම් කිසි විටෙක පවසන්නේ නැහැ. තවමත් ඔහු තුළින් දිස්වන්නේ එදා සිටි අනිල් කපූර්ම තමයි. සිනමා රසික පරපුරේ මේ ආකර්ෂණය අනිල්ට තිබෙන බව දන්නා බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂවරු ඔහුගේ රංගනයන්ගෙන් තම චිත්‍රපට ඔපවත් කර ගන්නට උත්සාහ ගන්නවා. ඒ හේතුව නිසයි මෑතකදී අනිල් කපූර්ට බොලිවුඩයේ රූ රැජන අයිශ්වර්යා රායි සමඟ රඟන්නට අධ්‍යක්ෂවරුන්ගෙන් ඇරයුමක් ලැබුණේ. තතු දන්නා අය කියන හැටියට නම් අනිල් කපූර්, අයිශ්වර්යා සමඟ ප්‍රධාන චරිතයකට පණ පොවන්නට සූදානම් වී සිටියාලු. ඔහු මීට කලින් වසර ගණනාවකට පෙර අයිශ්වර්යා සමඟ චිත්‍රපට දෙකක රඟපෑවා. ඒ, ‘තාල්’ සහ ‘හමාරා දිල් ආප්කේ පාස්’ චිත්‍රපටවලයි. අයිශ්වර්යා බොලිවුඩ් සිනමාවට එක්වුණේ ‘තාල්’ චිත්‍රපටයෙන්. අනිල් සහ අයිශ්වර්යාගේ රැඟුම්වලින් හැඩ වූ මේ චිත්‍රපට තිරගත වුණේ 1999 දී සහ 2000 දීයි. එයින් වසර 17කට පසුව යළි මේ දෙදෙනාගේ රැඟුම් බලන්නට ප්‍රේක්ෂකයන්ගේ කැමැත්තක් නොතිබුණොත් එය පුදුමයක්. අනිල් - අයිශ්වර්යා යළි එකට රඟපාන බවට ආරංචි පැතිරෙද්දී ඒ ගැන බලාපොරොත්තු තබාගත් රසික පිරිස් නිරතුරුවම විමසිලිමත් වුණා. නමුත්, සිදුවුණේ වෙනත් දෙයක්. බොලිවුඩ්පුරයෙන් ලද උණසුම් පුවතක සඳහන් වුණේ අනිල් කපූර් වෙනුවට අයිශ්වර්යාගේ සැමියා, අභිෂේක් භච්චන් ඒ සඳහා තෝරාගෙන ඇති බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top