Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
15
එදා මෙදාතුර අපේ රටේ සංවිධාන වන දැවැන්තම වන්දනා ගමන - "ෂා FM සිරිපා කරුණාවට සියල්ල සූදානම්

එදා මෙදාතුර අපේ රටේ සංවිධාන වන දැවැන්තම වන්දනා ගමන - "ෂා FM සිරිපා කරුණාවට සියල්ල සූදානම් - එදා මෙදාතුර අපේ රටේ සංවිධාන වන දැවැන්තම වන්දනා ගමන - "ෂා FM සිරිපා කරුණාවට සියල්ල සූදානම්Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,386 Views
උත්තරීතර පූජා කරඬු වහන්සේ වැඩම කරවන මංගල රිය පෙරහරේ ගමන් මාර්ග මෙන්න...


ලක් ඉතිහාසයේ සංවිධාන වන්නා වූ මහා වන්දනා චාරිකාව, ෂා FM සිරිපා කරුණාවට මේ වනවිට සියල්ල සුදානම් කර හමාරයි. 16 වසරක් පුරාවටම ශ්‍රී ලාංකේය රේඩියෝ නාලිකා අතර ජනප්‍රිය රේඩියෝ නාලිකාව බවට ෂා FM ඔසවා තැබූ දයාබර ශ්‍රාවක ඔබ වෙනුවෙන් වාර්ශිකව 'ෂා FM සිරිපා කරුණාව' සංවිධාන කෙරෙනවා. ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ තවත් පිංබර සංකල්පයක් ලෙසින් දිග හැරෙන 'ෂා FM සිරිපා කරුණාව' ඔස්සේ දිවයිනේ සතර දිග්භාගයෙන් ම පෙළගැසෙන ශ්‍රාවක බැතිමතුන්ට හිරුගේ සියලු සුව සත්කාර මැද සිරිපා කරුණා කිරීමට වරම් හිමි වනවා. ඒ අනුව එදා මෙදාතුර දිවයිනේ සංවිධාන වන විශාලත ම වන්දනා ගමනට තවත් සුවිශේෂිත්වයක් එක් කරන්නටත් ෂා FM මෙවර කටයුතු කර තිබෙනවා. ඒ ලංකාවේ සතර කොනින්ම ආරම්භ වන වන්දනා නඩ සමගින් පරම පූජනීය වූ මංගල කරඬුන්වහන්සේලා ශ්‍රීපාදස්ථානය දක්වා මහ පෙරහරින් වැඩම කරවීමයි. ලොව්තුරා බුදු පියාණන්වහන්සේ තෙවන ලංකා ගමනේදී ශ්‍රී පතුල පිහිටුවා පරම පූජණීයත්වයට පත් කළ සමන්ත කූඨය අදටත් දෙව් බඹුන්ගේ නොමද වන්දනාමානයට පාත්‍රවන්නා වූ අසිරිමත් පිං බිමක්. භූගෝලීය වශයෙන් මධ්‍යම හා සබරගමු පළාත්වලට අයත් විශාලත්වයෙන් සැතපුම් 8641 ක් හෙවත් අක්කර 56,000 කින් යුත් ශ්‍රීපාදස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 2243 ක උසකින් පිහිටා තිබෙනවා. එකී පිං බිමෙහි උඳුවප් පුර පසලොස්වක දිනයෙන් ආරම්භ වන ශ්‍රී පාද වන්දනා සමය අවසන් වන්නේ වෙසක් පුර පසලොස්වක පොහෝ දිනයෙන්. බුදුන් වහන්සේගේ පාදස්පර්ශය ලැබු, සිරිපතුල් සටහන රැදුණු මේ පිං බිම නලල් තලය තබා වන්ඳනා කරන්නට ලැබීම බොදුනුවන් සලකන්නේ සිය ජීවිතයේ ලැබෙන අති දුර්ලභ වු අවස්ථාවක් ලෙසයි. එකී පිං බිම වැඳ පුදා ගන්නට වරම් ලැබු සදාදරණීය ශ්‍රාවක ඔබව සුඛෝපභෝගී බස් රථ වලින් රැගෙන ෂා FM වෙතින් සියලු සුව සත්කාර මැද ජනවාරි 19 වන සිකුරාදා අලුයම් කාලයේ දිවයිනේ ස්ථාන රැසකින් ගමන් ආරම්භ කරන්නට මේ වන විටත් සියල්ල සූදානම්.. එමෙන්ම උදෑසන වන්දනා බස් රථ පිටත්වන මාර්ගයේම අෂ්ඨ පරිස්කාර රැගත් රථ පෙළක්ද, බස් රථයට ඉදිරියෙන් ගමන් කරනවා. ඊට වන්දනාමාන කිරීමට පඬුරු පූජා කිරීමට මග දෙපස රැස්ව සිටින ජනතාවට අවස්ථාව සැලසෙනු ඇති.


ඒ අනුව, උත්තරීතර පූජා කරඬු වහන්සේලා වැඩම කරවන මංගල රිය පෙරහරේ ගමන් මාර්ග පහතින් බලන්න.

කොළඹ

ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය, කොටිකාවත්ත, අංගොඩ කඩුවෙල, හංවැල්ල, කොස්ගම, පුවක්පිටිය, අවිස්සාවේල්ල, කරවනඇල්ල, යටියන්තොට, ගිනිගත්හේන, හැටන්, මස්කෙළිය, නල්ලතන්ණිය

මිද්දෙණිය

ඇඹිලිපිටිය , මාදම්පේ , කහවත්ත , පැල්මඩුල්ල , රත්නපුර , කුරුවිට , ඇහැලියගොඩ , දෙහිඕවිට , කරවනැල්ල , යටියන්තොට , ගිනිගත්හේන , හැටන් , මස්කෙළිය , නල්ලතන්ණිය

අකුරැස්ස

ඉමදූව , මතුගම , දොඩංගොඩ , බණ්ඩාරගම , හොරණ , පාදුක්ක , මීපේ , පහත්ගම , අවිස්සාවේල්ල , කරවනැල්ල , යටියන්තොට , ගිණිගත්හේන , හැටන් , මස්කෙළිය , නල්ලතන්ණිය

අනුරාධපුර

කැකිරාව , දඹුල්ල , මාතලේ , නුවර , පේරාදෙණිය , ගම්පොල , නාවලපිටිය , ගිණිගත්හේන , හැටන් , මස්කෙළිය , නල්ලතන්ණිය.

පඬුවස්නුවර

වාරියපොළ , කුරුණෑගල , මාවතගම , ගලගෙදර , කටුගස්තොට , පේරාදෙණිය , ගම්පොල , නාවලපිටිය , ගිණිගත්හේන , හැටන් , මස්කෙළිය , නල්ලතන්ණිය 

පස්සර

බදුල්ල , බණ්ඩාරවෙල , හාලිඇල , වැලිමඩ , කැප්පෙටිපොළ , නුවරඑළිය , නානුඕය , තලවකැළේ , හැටන් , මස්කෙළිය , නල්ලතන්ණිය

16 වසරක් පුරා ෂා FM සමඟ සිටින ආදරණිය ශ්‍රාවක ඔබ සියලුදෙනාටම මේ අති උතුම් බැතිභර ගමන සඳහා දායකවෙන ලෙස පින් සිතින් ආරාධනා කරන්නෙමු.

ෂා FM සිරිපා කරුණාවේ ගමන් මග 2018 මෙතනින්

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්


Top 10 Commenters

Latest Comments

Top