රිතික් රෝෂන් - සුසෑන් ඛාන් කියන්නේ බොලිවුඩයේ ආදරය දිනාගත් ආදරණිය යුවළක්.
පසුගිය කාලය පුරාම මොවුන් දෙදෙනා ගැන ගොඩක් කට කතා පැතිරුනේ ජනප්රිය නිළි කන්ගනා රනවුත් නිසා. රිතික් රෝෂන් - සුසෑන් ඛාන් යුග දිවිය දෙදරා ගියේ මීට අවුරුදු 3 කට කලින්. හැමදෙනාගේම ආදරය දිනාගත් යුවළක් හැටියට පෙනි සිටි මේ දෙදෙනාගේ වෙන්වීම ගැන කවුරුත් දුක් වුණා. නීතියෙන් ම වෙන් වූ රිතික් සහ සුසෑන්, යළි එක්වීමේ ඉඩක් ඒ දිනවල තිබුණේ නැහැ. කාලය දිනෙන් දින ගෙවි යද්දී රිතික් සහ සුසෑන් යළි හමුවෙන්නට පටන් ගත්තා. ඒ, දෙදෙනාගේ උපන්දින සාදවලදීයි. රිතක්ගේ උපන්දිනයට සුසෑන් නොවැරදීම පැමිණියා. සුසෑන්ගේ උපන්දිනයටත් රිතික් එක්වුණා. මේ හැම විටම දෙදෙනාගේ දරුවන් ද එකතු වුණේ හරිම සතුටකින්. පසුගිය සතියේ බොලිවුඩ්පුරයෙන් වාර්තා වුණේ මේ සුපිරි යුවළ ගැන තවත් උණසුම් පුවතක්. රිතික් - සුසෑන් යළි විවාහ වීමට බලාපොරොත්තු වෙනවා කියලයි එහි සටහන් වුණේ. රිතික්ටත් සැසෑන්ටත් දැන් ඕනෑ යළි අලුත් ගමනක් ආරම්භ කරන්නලු. වෙන්වීම නිසා අසරණ වූ දරුවන් ගැන සිතා යළි විවාහවීමේ අදහසක් දෙදෙනා තුළ පවතින බවයි, මේ උණසුම් ආරංචියෙන් කියවෙන්නේ. පසුගිය දා රිතික්ගේ 44 වැනි උපන් දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් පැවැත්වුණු සාදයටත් සුසෑන් පැමිණ සිටියා. තමන්ගේ යෙහෙළියන් කිහිප දෙනකු සමඟ පැමිණි සුසෑන්, බොහෝ වේලාවක් රැඳී සිටියා වගේම උපන්දින සාදයට පැමිණෙන්නට කලින් රිතක් වෙත උපන්දින සුබ පැතුමක් එවු සුසෑන්, එහි මෙලෙසද සටහන් කර තිබුණා “........ඔබ හැමදාම මගේ ජීවිතයට හිරු මෙන් ආලෝකය ලබා දුන්නා....හැමදාම මට ආලෝකය ලබා දෙන්න. .