Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


පසුගිය සතිය බුකිය 49
11,786 Views
















ජනප්‍රිය නළු සල්මන් ඛාන් මේ වෙද්දී හැමදෙනාගේම ආදරය දිනාගත් නළුවෙක් ඔහුගේ අලුත්ම චිත්‍රපටිය වුණේ ටයිගර් සින්දාහේ.


මේ චිත්‍රපටිය වගේම මෙහි ඇතුලත් ගීත ඉතාමත් ඉහල ජනප්‍රියත්වයක් ලැබුවා.ඒ වගේම ඉහල ආදායම් වාර්තා තබමින් තිරගත වුණ මේ චිත්‍රපටිය මේ වෙද්දීත් වියදම් වූ මුළු මුදල සොයාගෙන අවසන් බවයි නිෂ්පාදන කණ්ඩායම කියන්නේ. සල්මන්ගේ මීලග අලුත්ම චිත්‍රපටිය ලගදීම රසිකයින්ට අවස්ථාව ලැබෙන බව ඔහු කිවත් එහි දින කල් යෑමට හේතු වුණේ ප්‍රධාන චරිතය සදහා ගැලපෙන යුවතියක් තෝරා ගැනීමට නොහැකි වීමයි. නමුත් පසුගියදා සල්මන් ඔහුගේ ටුවිටර් ගිණුමේ සදහන් කර තිබුණේ තමන්ට අවැසි ගෑනු ළමයා සොයා ගැනීමට හැකි වූ බවයි. මේ නිසා ලගදීම චිත්‍රපටියේ රුගත කිරීම අරබන්න ට සුදානම් බවයි වැඩි දුරටත් අපිට දැනගන්න ලැබෙන්නේ
7,037 Views















ගායනයට ආදරය කරන හැමදෙනාම වගේ ඉන්දියාවේ සුපිරි ගායක සෝනු නිගම්ට දආදරේ කරනවා වගේම ලෝකය පුරාම ඔහුට ආදරය කරන රසිකයින් ඉන්නවා.



නමුත් මේ වෙද්දී සෝනු නිගම්ට මරණ තර්ජන එල්ල වෙලා කියලා ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියාවේ මූලධර්මාවාදීන් තමයි සෝනුට මරණ තර්ජන කරලා තියෙන්නේ. ඒකට හේතුව වෙලා තියෙන්නේ සෝනු නිගම් ඉන්දියාවේ ජාතික ගීය ගැන කරපු ප්‍රකාශයක්ලු . සෝනු කිව්වේ ඉන්දීය සිනමා ශාලා සහ අවන්හල් අැතුලේ ජාතික ගීය ගායනා කරන එක හොඳ නෑ කියලා. ඒ නිසා ජාතික ගීයට අගෞරවයක් වෙනවා කියලා සෝනු කියලා තිබුණා. මේ නිසා තමයි සෝනු නිගම්ට මරණ තර්ජන එල්ලවෙලා තියෙන්නේ. මුම්බායි පොලීසිය මේ ගැන සෝනු නිගම්ට දැනුම් දීලා තියෙනවා.මේ නිසා සෝනු නිගම්ට විශේෂ අාරක්ෂාවක් දෙන්න මුම්බායි පොලීසිය සුදානම් බවයි වාර්තා වෙන්නේ.
5,473 Views














ජනප්‍රිය නිළි කරීනා කපූර්ගේ සහ ජනප්‍රිය නළු සායිෆ් අලී ඛාන් ගේ එකම පුතු තමයි තායිමුර් කියන්නේ.


දරුවෙක් ලැබීමෙන් පසුව සාමාන්‍යයෙන් තරබාරු වීම සිදු වුණත් රංගන ශිල්පිණියකට එය වෙනස්ම ආකාරයෙන් බලපානුයේ සිරුරේ හැඩය මුල් තැනක් ගන්නා බැවිනි. ජනප්‍රිය නිළි කරීනා කපූර් මේ වෙද්දී එක් දරු මවකි.ඇයගේ දරුවා තායිමුර් වේ.ඔහු ඉතාමත් හුරුබුහුටි දරුවෙක් වන අතර ඇය තම දරුවා වෙනුවෙන් තමන්ගේ කාලය වැය කලේ ඉතාමත් ආසාවෙන් බවයි ඇය නම් කියන්නේ.නමුත් දැන් මේ වෙද්දී ඇය නැවතත් රංගන කටයුතු ඇරබීමට සුදානම් වන නිසා තම සිරුර ගැන සිතීමට කාලය උදාවී ඇති බවයි ඇය කියන්නේ. ඒ නිසාම ආහාර පාලනය වගේම ව්‍යායාම කිරීමටත් වැඩිපුර කාලය ගත කරන බවයි ඇය කියන්නේ.
10,933 Views















රිතික් රෝෂන් - සුසෑන් ඛාන් කියන්නේ බොලිවුඩයේ ආදරය දිනාගත් ආදරණිය යුවළක්.



පසුගිය කාලය පුරාම මොවුන් දෙදෙනා ගැන ගොඩක් කට කතා පැතිරුනේ ජනප්‍රිය නිළි කන්ගනා රනවුත් නිසා. රිතික් රෝෂන් - සුසෑන් ඛාන් යුග දිවිය දෙදරා ගියේ මීට අවුරුදු 3 කට කලින්. හැමදෙනාගේම ආදරය දිනාගත් යුවළක් හැටියට පෙනි සිටි මේ දෙදෙනාගේ වෙන්වීම ගැන කවුරුත් දුක් වුණා. නීතියෙන් ම වෙන් වූ රිතික් සහ සුසෑන්, යළි එක්වීමේ ඉඩක් ඒ දිනවල තිබුණේ නැහැ. කාලය දිනෙන් දින ගෙවි යද්දී රිතික් සහ සුසෑන් යළි හමුවෙන්නට පටන් ගත්තා. ඒ, දෙදෙනාගේ උපන්දින සාදවලදීයි. රිතක්ගේ උපන්දිනයට සුසෑන් නොවැරදීම පැමිණියා. සුසෑන්ගේ උපන්දිනයටත් රිතික් එක්වුණා. මේ හැම විටම දෙදෙනාගේ දරුවන් ද එකතු වුණේ හරිම සතුටකින්. පසුගිය සතියේ බොලිවුඩ්පුරයෙන් වාර්තා වුණේ මේ සුපිරි යුවළ ගැන තවත් උණසුම් පුවතක්. රිතික් - සුසෑන් යළි විවාහ වීමට බලාපොරොත්තු වෙනවා කියලයි එහි සටහන් වුණේ. රිතික්ටත් සැසෑන්ටත් දැන් ඕනෑ යළි අලුත් ගමනක් ආරම්භ කරන්නලු. වෙන්වීම නිසා අසරණ වූ දරුවන් ගැන සිතා යළි විවාහවීමේ අදහසක් දෙදෙනා තුළ පවතින බවයි, මේ උණසුම් ආරංචියෙන් කි‍යවෙන්නේ. පසුගිය දා රිතික්ගේ 44 වැනි උපන් දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් පැවැත්වුණු සාදයටත් සුසෑන් පැමිණ සිටියා. තමන්ගේ යෙහෙළියන් කිහිප දෙනකු සමඟ පැමිණි සුසෑන්, බොහෝ වේලාවක් රැඳී සිටියා වගේම උපන්දින සාදයට පැමිණෙන්නට කලින් රිතක් වෙත උපන්දින සුබ පැතුමක් එවු සුසෑන්, එහි මෙලෙසද සටහන් කර තිබුණා “........ඔබ හැමදාම මගේ ජීවිතයට හිරු මෙන් ආලෝකය ලබා දුන්නා....හැමදාම මට ආලෝකය ලබා දෙන්න. .
11,173 Views
21,530 Views














දීපිකා පදුකෝන්, රන්වීර් සිං සහ ෂාහිඩ් කපූර් ප්‍රධාන චරිත නිරූපණය කරන ‘පද්මාවතී ’ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමා ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරනවා.


පද්මාවතී චිත්‍රපටය තිරගත වීම ඇරැඹුණේ පසුගිය 25 වැනිදාය. ඉන්දියාවේ පමණක් නොව, රටවල් රැසක ‘පද්මාවතී ’ චිත්‍රපටය තිරගත වීමට නියමිතයි. විරෝධතා හේතුවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත හතරක පමණක් චිත්‍රපටයට ප්‍රදර්ශනය නොකෙරෙන බව වාර්තා වෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ චිත්‍රපටය තිරගත කර දෙවැනි දිනය වෙද්දී, එය ඉන්දීය රුපියල් කෝටි 56 ක් උපයා ඇති බවය.
චිත්‍රපටයේ අධ්‍යක්ෂ සන්ජේ ලීලා බන්සාලි පවසා ඇත්තේ චිත්‍රපටයට නිර්මාණයට ඉන්දීය රුපියල් කෝටි 190 ක් වැය වුණු බවය.

‘පද්මාවතී ’ චිත්‍රපටයේ ‘පද්මාවතී’ රැජින ලෙස දීපිකා පදුකෝන්ගේ රංගනය විශිෂ්ට බවත්, ඇය ඉදිරියේ දී නිසැක වශයෙන්ම සම්මාන රැසකට පාත්‍ර වනු ඇති බවත් සිනමා විචාරකයන්ගේ අදහස වී තිබේ.

‘පද්මාවතී ’ චිත්‍රපටය නිර්මාණය වී ඇත්තේ ‘පද්මාවතී’ යන නමින් නම් කළ සූෆි මුස්ලිම් කවියකු වන මලීක් මුහම්මද් ජයාසිගේ කාව්‍යයක් පාදක කර ගනිමිනි.
6,606 Views
















බාහුබලී චිත්‍රපටිය ඔස්සේ හැමදෙනාගේම ආදරය දිනාගත්ත නළුවෙක් තමයි ප්‍රභාස් කියන්නේ


බාහුබලී 2 චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙන ප්‍රධාන නලුවා වන ප්‍රභාස් ළගදීම විවාහ වන්නට සුදානම් වන බව වාර්තා වෙනවා.බාහුබලී 2 නි චිත්‍රපටියේ ප්‍රධාන නිළි චරිතය නිරුපණය කල අනුෂ්කා ෂෙට්ටි සමගින් තමයි මෙලෙස ඔහු විවාහ වීමට සුදානම් වන බව එරට ආරංචි මාර්ග වාර්තා කරන්නේ
7,149 Views
‘Lara Croft’ යනු ධනවත් ව්‍යාපාරිකයකු මෙන්ම පුරාවස්තු ගවේෂකයකු ද වන රිචඞ් ක්‍රොෆ්ට් ආදිපාදවරයාගේ දියණියයි. ගවේෂණ චාරිකාවකදී රිචඞ් ක්‍රොෆ්ට් අතුරුදන් වෙයි.

පියාට සිදුවූයේ කුමක්දැයි සොයමින් Lara Croft ඔහු සොයා වික්‍රමයක යෙදෙයි. එහිදී Lara Croft සිත්පිත් නැති ‘ටි්‍රනිටි’ සංවිධානය සමඟ ගැටීමට සිදුවෙයි. නවතම Lara Croft චිත්‍රටයේ කථාව වන්නේ එයයි.

මීට පෙර Lara Croft චරිතයට පණ දුන්නේ ඇන්ජොලීනා ජෝලී ය. මෙම නවතම චිත්‍රපටයේ Lara Croft චරිතයට පණ දෙන්නේ Alicia Vikanderයි

මෙය කරළියට පැමිණියේ වීඩියෝ ක්‍රීඩාවක් ලෙසිනි. වීඩියෝ ක්‍රිඩාව අදටත් ප්‍රති නිර්මාණය වෙමින් පවතින අතර එය ද අතිශයින් ජනප්‍රියය.

‘Lara Croft’ Roar Uthaug අධ්‍යක්ෂණයකි. ක්‍රිස්ටීන් ස්කොට් තෝමස්, ඩැනියෙල් වූ, ඩොමිනික් වෙස්ට්, වෝල්ටන් ගොගින්ස් ආදීහු චිත්‍රපටයට එක් වී සිටිති. ‘Lara Croft’ ක්‍රියාදාම පිරි වීර වික්‍රමයක් වන අතර ලබන මාර්තු 16 වැනිදා සිට ලොව පුරා තිරගත වෙයි.










4,638 Views
පසුගිය සතිය බුකිය 47
15,129 Views















ජනවාරි 20 දා විද්‍යා බාලන්ට විශේෂ දවසක් වුණා.

ජනවාරි 20 දා පැවති ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී වසරේ හොඳම නිළිය ලෙස සම්මානය දිනා ගැනීමට ජනප්‍රිය නිළි විද්‍යා බාලන්ට අවස්ථාව ලැබුණා .
ඒ තුමාරී සුලි චිත්‍රපටය වෙනුවෙන්.ඇය මේ විදියට ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙසින් සම්මාන ලැබූ සිවුවන වතාව මෙය වීම විශේෂත්වයක්..
6,415 Views
මිෂන් ඉම්පොසිබල් කවුරුත් බලපු දන්න චිත්‍රපටයක් මේ එකේ 06 වැන්න මෙම වසරයේ මැද භාගයේ තිරගත වීමට නියමීත බව හොලිවුඩ් වාර්තා පවසයි.

මෙම චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතයක පණපොවන ජනප්‍රිය හොලිවුඩ් නළු ටොම් කෘස් තමයි මේ ආරංචිය දීලා තියෙන්නේ . බලමු එහෙනම් මේ පාර මොකද වෙන්නේ කියල නේද ?

4,612 Views










ඓශ්චර්යා රායි කියන්නේ ඉතාමත් සුන්දර වගේම දක්ෂ රංගන ශිල්පිණියක්.

ලෝකයේ බොහෝ දෙනාගේ ආදරය දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ඓශ්චර්යා රායි කියන්නේ.ඇයගේ අලුත්ම සිනමා නිර්මාණයට ඇය සුදානම් වන බව වාර්තා වෙනවා .මෙහිදී ද්විත්ව චරිත නිරුපණය කරන නිසාම ඒ සදහා ඉහල මිලක් ඉල්ලා ඇති බවයි දැනගන්න ලැබෙන්නේ.1967 දී තිරගත වූ raath arudin චිත්‍රපටියේ නව නිර්මාණය සදහා තමයි මේ විදියට ඇය රංගනයෙන් එකතු වෙන්නේ.ඇය ඉතා ඉහල මිලක් අය කලත් ඓශ්චර්යා රායි ගේ දක්ෂතාවය සහ සුරූපී බව නිසාම එය අසාධාරණ නොවනු බවයි විචාරකයින්ගේ අදහස වෙලා තියෙන්නේ
6,468 Views
ෂා FM නාළිකාවේ සිය 16 වන සංවත්සරය ආසියානු මාධ්‍යජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයිනේ ජනප්‍රිය කළාකරුවන් රැසක් සමඟ ඊයේ (21) ABC මාධ්‍යජාලයේ ෂා FM කාර්යාලයේදී උත්කර්ෂවත් ලෙසින් සමරණු ලැබුවා. 2002 ජනවාරි 21 වන සඳුදා දින ABC මාධ්‍යජාලය තවත් නව පෙරළිකාර ගුවන් විදුලි නාලිකාවක් ලෙස ෂා FM ආරම්භ කරන්නේ ලාංකීය ගුවන් විදුලි ක්ෂේත්‍රය උඩු යටිකුරු කරමින් පමණක් නොව සුවහසක් ලාංකීය ගුවන් විදුලි ශ්‍රාවකයින්ට නිර්මාණාත්මක නව සංකල්ප බොහොමයක් හඳුන්වා දෙමිනි. ශ්‍රී ලංකාවේ පළමු වතාවට ඔබ ආදරය කරන ජනප්‍රියම රංගන ශිල්පීන් ශිල්පිනියන් සහ ජනප්‍රියම ගායක ගායිකාවන් මැදිරියක සිට නිවේදක නිවේදිකාවන් ලෙස ඔබ අමතන සංකල්පයද රටට දායාද කල ෂා FM එලෙස සිය 16 වන සංවත්සරය සැමරූ මොහොතේ ඡායාරූප එකතුව පහතින්....

5,202 Views
10,455 Views
[1]      «      2   |   3   |   4      »      [104]


Top 10 Commenters

Latest Comments

Top