Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
12
ඇසිඩ් ප්‍රහාරයෙන් පසු දීපිකා

ඇසිඩ් ප්‍රහාරයෙන් පසු දීපිකා - ඇසිඩ් ප්‍රහාරයෙන් පසු දීපිකාShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,066 Views
ඉන්දියාව කියන්නේ වසරකට තරුණියන් 500කට ආසන්න ප්‍රමාණයක් ඇසිඩ් ප්‍රහාර වලට ලක්වන රටක්.
බොහෝවිට ඒ ලෝකයේ රටක වාර්තාවන වැඩිම කාන්තාවන් පිරිසක් ඇසිඩ් ප්‍රහාර වලට ලක් වන රට විය හැකියි. 

මේ වගේ ඇසිඩ් ප්‍රහාරයකට ලක් වුණු සුවිශේෂී තරුණියක් තමයි ලක්ෂ්මි අගර්වාල්.
ඇය මේ විදියට 2005 වසරේදී ඇසිඩ් ප්‍රහාරයට ලක් වන විය ඇයට වයස අවුරුදු 15යි. 1990දී නවදිල්ලියේ උපත ලැබූ ලක්ෂ්මි මේ ඇසිඩ් ප්‍රහාරයට ලක් වන්නේ තරුණයෙක්ගේ ආදරය ප්‍රතික්ෂේප කිරීම නිසා. පෙර සුරූපී තරුණියක් වූ ලක්ෂ්මී මෙම මෙම ප්‍රහාරය හේතුවෙන් දැඩි ලෙස විරූපී වෙනවා.
ඒ වගේම මේ හේතුවෙන් ඇය ඇය දැඩි ලෙස මානසික කම්පනයකට ලක් වෙනවා. නමුත් ඇය ඉන් පසු නිශ්ශබ්ද වන්නේ නැහැ. හිංසනයට ලක්වූ දහස් ගණනක ජනතාව වෙනුවෙන් ඇය කතා කරනවා. ඇසිඩ් ප්‍රහාර වලට ලක් වූවන් ගේ අයිතීන් වෙනුවෙන් ඇය පෙනී සිටිනවා.අවසානයේ දී ඉන්දීය රජයට සිදුවෙනවා ඇසිඩ් විකිණීම සම්බන්ධයෙන් වන නීති සංශෝධනය කරන්නත්.
ඇගේ මේ සටන නිසා 2014 දී ධෛර්යමත් කාන්තාවන් සඳහා අමෙරිකානු රජයෙන් පිරිනමන සම්මානයක් පවා ඇය හිමි කර ගන්නවා.
ඇසිඩ් ප්‍රහාරයෙන් පසුව විරූපී වෙච්ච තමන්ගේ මුහුණ තමන්ගේ එකම හයිය කරගෙන ජීවිතයෙන් ඇය දිනනවා වගේම දහස් ගණනකට සාධාරණය ඉෂ්ට කර දෙන්න සටන් කරනවා.
මේ ලක්ෂ්මිගේ කතාව.
ඇගේ කතාව ඇසුරින් සුපිරි බොලිවුඩ් චිත්‍රපටයක් නිර්මාණය වනවා.
ඒ CHHAPAAK.
2020 ජනවාරි 20 බොලිවුඩ් රසිකයින්ට නරඹන්න ලැබෙන සහ බොලිවුඩයට වැඩිම බලාපොරොත්තු තබා ගන්න පුළුවන් චිත්‍රපටියක් තමයි CHHAPAAK.
මෙම චිත්‍රපටයේ ලක්ෂ්මීගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ සුපිරි නිළි දීපිකා පදුකෝන්w. CHHAPAAK අධ්‍යක්ෂණය කරන්නේ මේඝ්නා ගුල්සාර්.
මෙම චිත්‍රපටයේදී දීපිකාගේ අති විශිෂ්ට රංගනයක් නැවත බලාගන්න පුළුවන් වේවි කියලා ඇගේ ප්‍රේක්ෂකයින් මග බලන් සිටිනවා.
CHHAPAAK චිත්‍රපටයේ Official Trailer එක පසුගියදා එළි දක්වා තිබුණා. ඒ සඳහා ලැබී තිබුණේ ඉතාමත් හොඳ ප්‍රතිචාරයක්.
එය නැරඹීමෙන් පසු බොහෝ දෙනා කතා කරන්නේ දීපිකා පදුකෝන් ගේ රංගනය ගැන.ඇත්තටම බොලිවුඩයේ දීපිකා ට වඩා මේ චරිතෙට සාධාරණයක් කරන්න පුළුවන් නිළියක් නැහැ කියලයි හැමෝම කියන්නේ.
(wenu)


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top