covid 19 එනම් new corona වෛරසය 2019 වසරේ දෙසැම්බර් අග භාගයේ වාර්තා වුණ වෛරසයක් වන අතර චීනයේ වූහාන් ප්‍රදේශයේ සර්ප මාංශ වෙළඳසලකින් මෙය පැතිර ගිය බවටයි දැනට වාර්තා වන්නේ
covid 19 එනම් new corona වෛරසය 2019 වසරේ දෙසැම්බර් අග භාගයේ වාර්තා වුණ වෛරසයක් වන අතර චීනයේ වූහාන් ප්‍රදේශයේ සර්ප මාංශ වෙළඳසලකින් මෙය පැතිර ගිය බවටයි දැනට වාර්තා වන්නේ. මේ වන විට ලෝකය පුරා පැතිර යන භයානක වයිරසයක් බවට පත් වෙලා තියෙන කොරෝනා වෛරසය මුලදී සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වූ වෛරසයක් බවට සැලකුනත් මේ වන විට එය මිනිසුන්ගෙන් මිනිසුන්ට පැතිර යන වෛරසයක් බවට පත්ව වී අවසානයිw.
මේ වනවිට චීනයට අමතරව දකුණු කොරියාව, ඉතාලිය, ඉරානය, ජර්මනිය, ප්‍රංශය, ඇමරිකාව, ජපානය, සිංගප්පූරුව, මැලේසියාව, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය, එංගලන්තය, නෙදර්ලන්තය, කුවේටය, කටාර් රාජ්‍යය, වැනි රට වලිනුත් වෛරසය අසාදිත රොගීන් වැඩි පිරිසක් වාර්තා වී ඇත.
කෙසේ වෙතත් අප රටෙත් මෙම රෝගය පැතිර යාමේ අවදානමක් තිබෙන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.
ඒ මෙම රෝගය පැතිරෙන රටවල් ලාංකිකයින් බහුල ලෙස සංචාරයේ යෙදෙන රටවල් නිසාත්, එම රටවලින් විදේශිකයින් සංචාරය සඳහා වැඩිපුර ලංකාවට පැමිණීමත් හේතුවෙනි.
කොරෝනා වෛරස් රෝග ලක්ෂණ
- හුස්ම ගැනීමේ අපහසුව හෙවත් නාසයේ අවහිර බව දින කීපයක් පැවතිය හැකියි.
දුර්වල ප්‍රතිශක්තියක් ඇති පුද්ගලයින්ට මෙය නිව්මෝනියාව හෝ ඊට වඩා බරපතළ ශ්වසන රෝග තත්ත්වයන් ඇති කිරීමට ඉඩ ඇත.
රෝගයෙන් වැළකීම සඳහා
- උණ රෝගය ඇති පුද්ගලයින් සමඟ ගැටීම අවම කරන්න
- නිකරුනේ රෝහල් පරිශ්‍ර වලට යාමෙන් වළකින්න
- කැස්ස හෝ කිවිසුම් යන විට ඔබගේ මුඛය සහ නාසය ආවරණය කර ගන්න
- නිකරුණේ දෑත් සේදීමකින් තොරව ඔබේ ඇස් නාසය සහ මුඛය ස්පර්ශ කිරීමෙන් වලකින්න
- ඔබේ දෑත් නිතරම සබන් හෝ විෂබීජනාශක දියර වර්ග යොදා සෝදා පිරිසිඳුව තබාගන්න
- ඔබට උණ තත්ත්වයක් ඇත්නම් සෙනඟ ගැවසෙන ස්ථානවල ගැවසීමෙන් වලකින්න
- හැකිතාක් දියර වර්ග පානය කරන්න උගුර තෙත්ව තබා ගන්න
- ආසාදිත පුද්ගලයකු ස්පර්ශ කළ දෙයක් ස්පර්ශ කිරීමෙන් පසුව ඔබේ මුඛය නාසය හෝ ඇස් ඔබ ස්පර්ශ කිරීමෙන් වෛරසය ඔබටත් බෝ විය හැකියි
එම නිසා
- පොදු ප්‍රවාහන සේවා හෝ රෝහල් වැනි සෙනඟ ගැවසෙන ස්ථානවලට යාමෙන් අනතුරුව සබන් යොදා නිතරම දෑත් පිරිසිදුව තබා ගන්න
- පොදු ස්ථාන වලට, රෝහල් වලට යෑමේ දී නාස් ආවරණ පැළදීමට අමතක නොකරන්න
- පොදු ස්ථානවල නිකරුනේ ගැවසීමෙන් හැකිතාක් වළකින්න
- නොපිසින ලද සත්ව ආහාර මස් වැනි දෑ පරිහරණයට නොගන්න
- නොපිසූ මස් වර්ග හා පිසින ලද ආහාර කැපීමට වෙන වෙනම පිහි භාවිතා කරන්න
- රෝගී සතුන් හෝ රෝගී තත්වයන් හේතුවෙන් මිය ගිය සතුන් ආහාරයට ගැනීමෙන් සම්පූර්ණයෙන් වළකින්න
- හොඳින් පිසූ ආහාර පමණක් ආහාරයට ගන්න
- ගැබිනි මව්වරුන් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අතිශයින්ම සැලකිලිමත් වන්න
- කිවිසුම් යද්දි මුව වසා ගන්න
- රෝගී සත්ත්වයින්ගෙන් තරමක් ඈත්ව කටයුතු කරන්න
- ඔබට උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න සහ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ තත්වයකට වඩා ඔබේ රෝග ලක්ෂණ වෙනස් යයි හැඟෙනවා නම් හැකි ඉක්මණින් වෛද්‍ය උපදෙස් මත රෝහල්ගත වන්න.
-WENUKSHI-
